දේශපාලනය

දයාසිරිට පක්ෂ මූලස්ථානයේ දොර වැසේ – ඩාලි පාර උණුසුම් (වීඩියෝ)

අද (05) දිනයේ කොළඹ ඩාලි පාරේ ඉතා උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ. මේ තත්ත්වය ඇති වී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර, පක්ෂ සාමාජිකයින් සමග පක්ෂ මූලස්ථානයට පැමිණීමෙන් පසුය.

ජයසේකර මහේකම්වරයා පක්ෂ මූලස්ථානයට ඇතුල් වීමට උත්සාහ ගැනීමේදී පොලිසියගේ අවසර ලබා නොදීමෙන් මෙම ගැටුම ඇති වී ඇත. පක්ෂ මූලස්ථානය අසල මේ වනවිට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදා ඇති අතර, යුද හමුදාවද මෙම ස්ථානයට පැමිණ තිබේ. කඳුලු ගෑස් සහ ජල ප්‍රහාර රථද මාර්ගයේ දෙපස තබා ඇති බව වාර්තා වේ.

දයාසිරි ජයසේකර මහේකම්වරයා අද උදෑසන සිය පක්ෂ සාමාජිකයින්ට පක්ෂ මූලස්ථානයට පැමිණෙන ලෙස ඉල්ලීමක් කර තිබුණි. මෙම ඉල්ලීම නිසා, මූලස්ථානයේ කළබලකාරී තත්ත්වයක් ඇති වන බවට පක්ෂ පරිපාලනය සැක කළේය. ඒ අනුව, දැඩි ආරක්ෂක ක්‍රියාමාර්ග ගෙන ඇත.

පෙරේදා (03) පස්වරුවේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් මන්ත්‍රී දයාසිරි ජයසේකරගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කරමින් ලිපියක් නිකුත් කළේය. දයාසිරි ජයසේකර මහතා වෙනත් නව පක්ෂවල නායකත්වය දෙමින් ඒවායේ සාමාජිකත්වය ගැනීම පක්ෂ ව්‍යවස්ථාවට පටහැනි බවටයි එම ලිපියේ සඳහන්ව තිබුණේ.

නමුත්, දයාසිරි ජයසේකර මහතා පවසන්නේ, එවන් ආකාරයේ ලිපියක් තමන් වෙත නොලැබුණු බවත්, මෙතෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නීත්‍යානුකූල සභාපතිවරයෙකු පත් කර නොමැති බවත්ය. අධිකරණයෙන් පක්ෂය වෙනුවෙන් පත් කර ඇති එකම මහලේකම්වරයා තමන් පමණක් බවද පැහැදිළි කරමින්, ඊයේ (04) පාර්ලිමේන්තුවට විශේෂ ලිපියක් යොමු කර ඇත.

මෙම පසුබිමක් මත, පක්ෂයේ සාමාජිකයින් පක්ෂ මූලස්ථානයට කැඳවා ඇති අතර, පක්ෂ සාමාජිකයින් සහ පොලිසිය අතර දැඩි උණුසුම් තත්ත්වයක් පැවතී ය.

ඉතා උණුසුම් තත්ත්වයක් පවතින නිසා, පොලිසිය හා යුද හමුදාව මූලස්ථානය අසල ඉතා දැඩි ආරක්ෂාවක් ඇති කර ඇත.

ඉදිරියේදී මේ තත්ත්වය කෙසේ විසඳා ගැනීමට කටයුතු කරන ලදහ යන්න සම්බන්ධව තවදුරටත් අධිකාරීවරුන්ගේ ප්‍රකාශයක් අපේක්ෂා කෙරේ.

Related Articles

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Back to top button