ක්රීඩා

ශ්‍රී ලංකා යොවුන් මළල ක්‍රීඩා තරු – තරුෂි සහ දිල්හානිට ඔලිම්පික් වරම්

මෙම වසරේ පැවැත්වෙන පැරිස් ඔලිම්පික් උළෙල සඳහා ශ්‍රී ලංකා යොවුන් මළල ක්‍රීඩිකාවන් වන තරුෂි කරුණාරත්න සහ නදීෂා දිල්හානි ලේකම්ගේ සමත් වී තිබෙනවා. තරුෂි සුදුසුකම් ලබා ඇත්තේ මීටර් 800 කාන්තා ධාවන ඉසව්වෙන්, නදීෂා ඔලිම්පික් වරම් දිනාගෙන තිබෙනවා කාන්තා හෙල්ල විසි කිරීමේ ඉසව්ව යටතේ.

ඔවුන් ඒ සදහා ශ්‍රේණිගත ලකුණු ක්‍රමයෙන් අවස්ථාව උදා කර ගැනීම විශේෂත්වයක්. ඒ අනුව, පැරිස් ඔලිම්පික් උළෙල සඳහා හෙල්ල විසි කිරීමේ කාන්තා ඉසව්වෙන් නිර්දේශ කර ගන්නා ක්‍රීඩිකාවන් 32 දෙනා අතරින් නදීෂා 26 වන ස්ථානයට පත්ව තිබෙනවා. මීටර් 800 කාන්තා ඉසව්වෙන් ලොව පුරා ක්‍රීඩිකාවන් 48 දෙනෙකු සුදුසුකම් ලබාගෙන ඇති අතර තරුෂි 45 වන ස්ථානයට පත්ව තිබෙනවා.

තරුෂිට මෙවර ඔලිම්පික් වරම් ලැබේවිද යන්න සම්බන්ධයෙන් අවිනිශ්චිත තත්ත්වයක් පැවතුණා. ඇය ඔලිම්පික් සුදුසුකම් ලබා ගැනීමේ තරඟවලට අවසන් මොහොත වන තෙක්ම සහභාගී වීමට සිදු වුණා, මෙරට මළල ක්‍රීඩා බලධාරීන්ගේ නොසැලකිල්ල නිසා.

තරුෂිට මෙවර ඔලිම්පික් වරම් දිනා ගැනීම සඳහා අවසන් අවස්ථාව වූයේ ඉකුත් දා පැවති ජාතික මහ ක්‍රිඩා උළෙලයි. එහිදී ඇය සහභාගි වූ ඉසව්ව වැසි තත්ත්වයක් මධ්‍යයේ පැවැත්වීමත්, ඇගේ පුහුණුකරුගේ ඉල්ලීම ඉවත දමමින් ක්‍රීඩා බලධාරීන් කටයුතු කර තිබීම නිසා හොඳ නිමි කාලයක් වාර්තා කිරීමට නොහැකි වුණා.

කෙසේවෙතත් පසුව පැවති තරඟවලින් තරුෂි ඔලිම්පික් පරිසාධන මට්ටම සපුරා ගැනීමට සමත් වී තිබෙනවා.

Related Articles

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Back to top button