දේශපාලනය

ඉදිරියේ දී ලංකාවට ජපන් රැකියා වැඩියෙන්

ජපානයේ සිව්දින නිල සංචාරකය නිරත ව සිටින විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලිසබ්‍රි, ජපානයේ ඉහළ පෙළේ දේශපාලන නියෝජිතයින් පිරිසක් හමු වී සාකච්ඡා කර තිබෙනවා.

ඒ අතර ජපානයේ හිටපු අගමැති H.E. Fukuda Yasuo හමු වූ අතර; ඉන් අනතුරුව ඩිජිටල් කටයුතු අමාත්‍ය kono Taro මහතා, JETRO Delegation ආයතනයේ සභාපති, Jica හි සහ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයා ද හමු වූ බවයි වාර්තා වන්නේ.

JETRO Delegation ආයතනයේ සභාපතිවරයාට පළමු ව විදේශ අමාත්‍ය සබ්‍රි මහතා සිය ස්තුතිය පුද කළ අතර, ඉදිරියටත් ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට එරට රැකියා අවස්ථා ලබා දීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වූවා. ඉදිරියේ දී වැඩි ශ්‍රී ලාංකික පිරිසකට එරට රැකියා අවස්ථා උදා කරදීමටද ජපානය එකඟ වී තිබෙනවා.

ජපානයේ හිටපු අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා කළ විදේශ අමාත්‍යවරයා දෙරට අතර අන්‍යෝන්‍ය උනන්දුවක් දක්වන ක්ෂේත්‍ර පිළිබඳව මෙම හමුවේදී අදහස් හුවමාරු කරගත් බවත්, දිගු කාලීන ජපන්-ශ්‍රී ලංකා මිත්‍රත්වය ඉදිරියටත් රැකගත යුතු බවත් මෙහිදී අවධාරණය කළා.

Is this conversation helpful so far?

Related Articles

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Back to top button

Important Note: Contributors submit content under paid authorship. Daily review of all submissions is not possible. The owner does not promote or endorse illegal services such as betting, gambling, casinos, or CBD.

X